Saumya Rathriya (සෞම්‍ය රාත්‍රිය) by Upali Wanigasooriya

saumya rathriya sinhala novel
ISBN: 978955929428
"හිරුණි"
ජිප්රියේ පැමිණි තැනැත්තා ජීප්රිය නවතා
ඉන් බසිමින් කතා කළේය. ඇය එක්වරම නැවතී
පසුපස හැරී බැලුවාය. ඒ සමගම ඇය තුල 
තිගැස්මක් ඇතිවිය. ඒ කසුන් ඒකනායකයි.
ඇය ඉදිරියටවත් පසුපසටවත් පියවරක් නොතබා
එසේම සිටියාය. මොහොතකින් ඔහු ඇය
අසලට පැමිණියේය.
"කොහෙද ගියේ? අද මළවුන් සිහි කරන දවසෙ
කනත්තටවත් ගියාද?"
"ඔව්"
"මොකටද? මැරිච්ච මහත්තයාව සිහිකරල මල්
පොකුරක්වත් තියල ආවද?"
එවර ඇය හිස ඔසවා කසුන් දෙස බැලුවාය.
ඔහුගේ මුහුණේ සිනාවක් රැඳී තිබේ.
"ඔව්. මල් පොකුරක් තියල ඉටිපන්දමකුත් පත්තු
කළා"
"අයේ සැරයක් යමුද එතැනට. සොහොන්කොතේ 
මහත්තයාගේ පින්තූරයක් එහෙමත් ඔබ්බවල 
ඇතිනේ. මම ආසයි බලන්න.. මමත් මල් ටිකක්
අරන් එන්නම්."
සිතෙහි දැඩි කෝපයක් මතුව ආවත් ඇය
කරබාගෙන සිටියාය.
"ඕනේ නැහැ. ඒ සොහොන් කොත පෙන්නේ මට
විතරයි."
"මට ඩොක්ටර් කුලසේකරයි කිව්වෙ ඔයා කිව්ව
කියල ඔයාගෙ මහත්තය මැරුණ කියල."
"ඇත්ත. මීට අවුරුදු තුනකට කලින්. නුවරඑළියේ
උසාවියෙදි."
"මක්වෙලාද මැරුණේ?"
"රාග ගින්නට අසුවෙලා."
ඇය මිමිණුවාය.

Saumya Rathriya (සෞම්‍ය රාත්‍රිය) by Upali Wanigasooriya Saumya Rathriya (සෞම්‍ය රාත්‍රිය) by Upali Wanigasooriya Reviewed by FreeAlllibrary on 6/16/2016 Rating: 5

2 comments:

Do you have any doubts? chat with us on WhatsApp
Hello, How can I help you? ...
Click me to start the chat...